Wednesday 18 August 2010

ආයුබෝවන්

නිතරම වෙනස්වෙන තොරතුරු තාක්ෂණ ලෝකයේ ජාමේ බේරගෙන ඉන්න එක ලේසි පාසු වැඩක් නෙමේයි නෙ. දැනුවත් වෙලා ඉන්න තරමට තමා ආරක්ෂා වෙන්න පුලුවන්. ඉතිං ඔය අලුතෙන් සොයාගැනෙන දුර්වලකම්(vulnerabilities),ඒවා නරකට පාවිච්චි කරන ඈයන් සහ ඒවායින් බේරෙන හැටි ගැන, පුටු කඩලා අටු හදනහැටි එහෙම තමන් දැනගන්න දෙයක් අනිත් අය එක්ක බෙදාහදාගන්න හිතාගෙන තමයි හැකර්.lk අඩවිය ආරම්භ කලේ. අඩුපාඩුවක්ව තිබුනු බ්ලොග් එකක් නැතිකමේ අඩුව පුරවන්නෙ දැනුයි ඔන්න. තොරතුරු තාක්ෂණය සහ ආරක්ෂාව සම්බන්ධ අලුත්, පරණ, වැදගත් දේවල් ගැන ලිපි සපයන්න පුලුවන් හැමෝටම විවෘතව ආරාධනා කරනවා. කඩන බිදින හැටි ගැන විස්තර කරලා, කැඩෙන බිදෙන දේවල් ගැන විස්තර කරලා (IT සම්බන්ධ දේවල් විතරයි හොදද), කඩාබිදගන්නෙ නැතිව ඉන්නෙ කොහොමද කියලා එහෙම පුලුවන් අය ලිපි ලබාදෙන්න. ප්‍රශ්ණ අහන්න, උත්තර දෙන්න, වාද කරන්න එහෙම forum එකක් එහෙමත් තියනව කියල දන්නවනෙ. වෙලාව කලාව එහෙම වැඩිපුර තියන අයට අඩවියෙ සංවර්ධණ කටයුතු වලට එහෙමත් දායකවෙන්න කියලා ආරාධනා කරනවා.

එහෙනම් ඉතිං.. වැඩ පටන්ගන්න තමා තියෙන්නෙ ;)

4 comments:

  1. කලුපාට වැඩියි බන්..පොඩ්ඩක් සුදු කරහන්කෝ...(මේ දවස් වල මගෙ ඇහේ අප්සෙට් එකක්) එළ එළ මගෙන් සුභ පැතුම්...ෆොරම් එකත් එක්ක සැමදා අපි ඇත... :D

    ReplyDelete
  2. අඩුවෙන්ම සැලකිලිමත් වෙන වැඩියෙන්ම සැලකිලිමත් වියයුතු දෙයක්
    එහෙනම් ඕන් චියර්ස්!!!!! කිව්වා
    අපේ කලිසම බේරගන්න කියලා දීපල්ලා :-D

    කියවන්න නම් අමාරුයි තමා බන් :-D

    ReplyDelete
  3. ඔන්න සුදුම කරලා දැම්මා. හොද ඇහැක් තියන කවුරුහරි එලකිරි වගේ template එකක් හදලා දෙනවනම් සයිට් එකටම :D

    ReplyDelete
  4. දැන්නම් නියමයි..!! මේ ෆොරම් එකත් මේ වගේ සුදු කරන්න බැරිද බන් ?? බලන එකාට හෙන අඤඤ කොරොස් නේ ?

    ReplyDelete