Thursday 16 December 2010

පිලිවෙලකට partition කඩමු

මෙහෙයුම්‌ පද්ධතියක් අලුතෙන් ස්ථාපණය කරහම කරන්න තියන වැඩ කන්දරාව දන්නවනෙ? තමන්ට ඕනා විදිහට settings හදාගන්නයි, උවමනා කරන software දාගන්නයි, හුරු පුරුදු විදියට tweak කරගන්නයි, ඇයි backup කරපුවා restore කරගන්න වගේ කරදර ගොඩයි නෙ. උබන්ටු පාවිච්චි කරන අයට එහෙම ඉතින් අවුරුද්දට දෙපාරක් ඔය සෙල්ලම දාන්න වෙනවනෙ. කෙනෙක් කියන්න පුලුවන් හැම පාරම freshly install නොකර upgrade එකක්‌ කලානම් ඉවරයි නෙ කියලා. පෞද්ගලිකව ඒ සදහා ගතවෙන කාලය සහ කැඩිච්ච package ගොඩදාගන්න කාලය දතකරනවට වඩා අලුතින් install කිරිල්ලට මට ලේසියි. පුංචි පහේ trick එකක් කරලා ඔය කරන්න තියන වැඩ කන්දරාව බාගයක් විතර අඩුකරගන්න පුලුවන්. හැබැයි ඉතින් මේ විදිහට හදාගන්න අත්‍යවශ්‍ය files ඔක්කොම කොහෙට හරි backup කරන්න ඕනා. මොකද මේ ගනුදෙනුව කරන්නෙ partition table එකේ උදව් පදව් ඇතුව.

අපි හුගක් වෙලාවට කරන්නෙ hard disk එක පාටිශන් කිහිපයකට කඩලා මේකෙ සිංදු, මේකෙ ෆිල්ම්, මේකෙ සොෆ්ට්වෙයා ආදී වශයෙන් තියාගන්න එකනෙ. ඒ වෙනුවට අපි වෙස් විදිහකට පාටිශන් කඩලා බලන්නයි මේ හදන්නෙ. ලෙසිම විදිහ තමා os installation එකේ දි partition කරන්න ඕනා කොහොමද කියලා අහන dialog එකේ advanced තෝරලා යන එක. live CD එකකින් boot කරගෙන next next දීගන මෙතෙන්ට වෙනකන් එන්නකො මුලින්ම.



තියන partition ඔක්කොම ටික delete කරලා වැඩේ පිලිවලට පටන් ගන්නයි තියෙන්නෙ. free space කියන කොටසෙ click කරලා add කියන button එක ඔබපුවහම partition එකේ විස්තර ලබාදෙන්න පුලුවන් සංවාද කොටුවක් ලැබෙනවා. ඔතෙන්ට අපිට ඕනා විස්තර ලබාදීලා OK කලහම, දීපු විස්තර වලට අනුව partition එකක් හැදෙනවා. අපි මුලින්ම කරන්න ඕනා /boot සදහා පාටිශන් එක හදාගන්න එක. ඔතන තමා OS එකේ kernel එක රැදවෙන්නෙ. 256mb දුන්නනම්‌හොදටම ඇති.



ඊලගට swap පාටිශන් එක හදන්න ඕනා. virtual memory එක ගැන අහලා තියනවනෙ. ඒ සදහා භාවිතා කෙරෙන disk කොටස තමා මේ. ඔයාගෙ physical memory එකට සමාන අගයක් දීලා මේක හදන්න. පොඩ්ඩක්‌ එහෙට මෙහෙට උනාට කමක් නෑ.

දැන් තියෙන්නෙ මෙහෙයුම් පද්ධතියට කොච්චර ඉඩකඩ වෙන් කරනවද කියලා තීරණය කරන්න. සාමාන්‍ය ubuntu ස්ථාපණයකට නම් 8GB ඉහටත් උඩින්. වැඩිපුර මෘදුකාංග පාවිච්චි කරන කෙනෙක් නම් මේ partition එකේ ප්‍රමාණය වැඩි කරන්න තියෙන්නෙ.

ඉතිරි ඔක්කොම ඉඩ පාවිච්චියට අරගෙන /home partition එක හදාගන්න. පාටිශන් 4යි හැදෙන්නෙ නිසා හැම එකක්ම primary partition විදිහට දෙන්න.


දැන් ඉතින් තියෙන්නෙ සාමාන්‍ය විදිහට ඉදිරියට යන්න. කිසි වෙනසක් නැතිව මෙහෙයුම් පද්ධතිය ස්ථාපණය සිද්ධ වේවි. වෙනසක් දකින්න ඇත්තෙත් නැහැ. එකම වෙනස ඊලගට මෙහෙයුම් පද්ධතිය ස්ථාපණය කරන්න යනකොට තමා දකින්න ලැබෙන්න. හිතන්නකො ubuntu 11.04 ආවා කියලා. ඒක අලුතෙන් ස්ථාපණය කරගෙන යද්දි සුපුරුදු partition select කරන තැනට ආපුවාම පුංචි වෙනස්කමක් කරන්නයි තියෙන්නෙ. /home partition එකේ format කියලා තියන check box එක un-check කරලා ඉදිරියට යන්න. user name එක පරණ පද්ධතියෙ තිබිච්ච විදිහටම ලබාදෙන්න. අලුත් මෙහෙයුම් පද්ධතිය ස්ථාපණය උනාට පස්සෙ ඔයාට පෙනෙයි කලින් තිබුනු settings ඒ විදිහටම තියනවා. wallpaper එක, theme එක ආදිය විතරක් නෙමේ firefox වල open කරලා තිබිච්ච tabs පවා ඒ විදිහටම ලැබෙයි.

මෙහෙම කලහම මෘදුකාංග ස්ථාපණය නොකර බේරෙන්න පුලුවන් කියලා වරදවා වටහාගන්න එපා. මෙතනදි වෙන්නෙ ඔයාගෙ settings සහ අනෙකුත් ගොනු සියල්ලම /home/<ඔයාගෙ නම> ගොනුව තුල සුරකෂිතව තියන එක. /home/<ඔයාගෙ නම> ඇතුලෙ ඉදගෙන ls -all විධානය දීලා බැලුවොත් පෙනෙයි මුලට . සහිත ගොනු මහ ගොඩක් තියනවා කියලා. ඒ‌ එක එක මෘදුකාංග සදහා වන ඔයාගෙ පුද්ගලික සැකසුම්. මේ විදිහට අලුත් මෘදුකාංග ස්ථාපණයකට පස්සෙ configuration කරන්න ගතවෙන කාලය හුගක් දුරට අඩු කරගන්න පුලුවන්.

7 comments:

  1. මේක නං වැදගත් මගපෙන්වීමක්...

    ReplyDelete
  2. swap partition 1 දෙවෙනියට හදන එක ඉස්සර මම පුරුද්දක් විදියට කළා. එතකොට සමහර වෙලාවට swap 1 හැදුවයින් පස්සේ ඉතුරුවෙන ඉඩ Unusable කියලා එන්නේ. එහෙම වෙන්නේ ඇයි කියන 1නම් මම තාම දන්නේ නෑ.
    වැදගත් ලිපියක්.
    සම්මානයට උණුසුම් සුබ පැතුම් ලොක්කා...

    ජය වේවා...

    ReplyDelete
  3. ප්‍රශ්න ටිකක් තිබේ
    physical memory එක කොච්චර තිබුණත් swap partition එකක් හදන එක අනිවාර්යයි ද ? මම නම් swap එකක් හදලා නෑ. swap එකට යන ඉඩ වෙන වැඩකට පාචිච්චි කරන්න බෑ නේද. physical memory එක 1GB වලට වඩා විතර තියනවා නම් swap එකක් හදන එක නාස්තියක් නෙමෙයි ද

    ReplyDelete
  4. නියමයි,
    නියමෙට පැහැදිලි කරල තියනව බොහොම ස්තුතියි.

    ReplyDelete
  5. Pravin, Kaniskha,
    ඉස්තූතියි,

    රනා,
    swap එක මුලට දැම්මම ඉතිරි කොටස unusable වෙන එකට පැහදිලි කිරීමක් නම් මා ලගත් නෑ:(
    ඉස්තූතියි.

    අරවින්ද,
    සරල උත්තරයක් දෙනවනම් swap එකක් හදන එක නාස්තියක් නෙමේ.
    විශේෂ හේතු මත කුඩා disk එකක් පාවිච්චි කරනවා නම් හෝ මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන physical memory ප්‍රමාණය හරියටම දන්නවනම් (විශේශ හේතු මත) හැර, swap එකක් හදන එක නුවනට හුරුයි. paging files ගැන අහලා තියනව නේද? ඒ සදහා වෙන්කර තබන කොටස තමයි swap එක. physical memory එකේ ඉඩ අඩු වෙනකොට ඒ මොහොතේ භාවිතා නොවෙන memory blocks රදවා තබාගන්න තමා swap එක භාවිතා කෙරෙන්නෙ. මෘදුකාංග කිහිපයක් එකවර විවෘත කරගෙන ඉන්නකොට මේක අනිවාර්යයි. swap එකෙන් මෙහෙයුම් පද්ධතියේ performance වලට විශාල බලපෑමක් වෙනවා.

    ReplyDelete
  6. පොඩි දෙයක්
    මං කරන්නෙ පාටිෂන් 3ක් හදන එක....එකක් නිකම් රූට් එක ඒක තියන්නෙ 10-15ක් විතර අනික ස්වාප් එක ඒක 1-2 ජීබි විතර අනික් ඔක්කොම හෝම්...හෝම් පෝල්ඩර් එක 500ජීබ් උණත් කිසි අවුලක් නෑ...
    ඔය හෝම් පෝල්ඩරය පෝමැට් නොකර රී සයිස් කරොත් ඒක එහෙමම තියෙන්දි අපිට පුලුවං වෙනත් ලිනක්ස් එකක් උනත් දාන්න..උදා උබන්ටු දාපු එකට පෙඩෝර දානවනම ්එහෙම කරන්න පුලුවන්...
    එතෙන්දි වෙන අවුල තමා මියුසික් සහ වෙනත් අර හෝම් පෝල්ඩරය ඔටෝ ඩිටෙක් කරන තැන්වලදි අපිට ලොකේෂන් එක අලුතින් හොයල දෙන්න වෙනව..
    කොහොම උනත් ගොඩක් අය නොදන්න වැදගත් දෙයක් මේ පාටිෂන් කියන්නෙ..විජය පරිඝනක එකේ උබන්ටු පාඩමක් තිබුන ඒක කියෙව්ව එකෙකුට මේ වගේ දෙයක්වත් කරගන්න බෑ..
    මොකද උන් කියල දෙන්නෙ අර අප්ප බුදුන් කාලෙ තියෙන පොත් වල තියෙන විදි..

    ReplyDelete