Showing posts with label උබන්ටු. Show all posts
Showing posts with label උබන්ටු. Show all posts

Tuesday, 7 June 2011

Grub2

මෙහෙයුම් පද්ධති එකකට වඩා (multi boot) දාගන ඉන්න අයට නම් අහල පුරුදු නමක් තමා grub කියන්නෙ.(සිංහලෙන් GRand Unified Bootloader කියන එක තමා ඔය ඉංගිරිසියෙන් කොට කරලා තියෙන්නෙ). LOADLIN, SYSLINUX සහ LILO ආදී වෙනස් වෙනස් bootloaders ගැන එහෙමත් සමහර විට අහලා ඇති ඔයාලා.

පරිගණකයක් පණගන්වපුවම BIOS මගින් POST (Power On Self Test) කියලා ක්‍රියාවලියක් වෙනවා කියලා අහලා තියනවා නේද? එතනදි වෙන්නෙ පරිගණකයට සම්බන්ධ කරලා තියන අංගෝපාංග හරියට තියනවද කියලා කෙරෙන මූලික පරීක්ශණයකට. අර ඉස්කෝලෙ පටන්ගනිද්දි සිරිපාල ඉන්නවද?? ඉන්නවා.. කමලාවතී ඉන්වනචද?? ඉන්නවා.. ඇම්ඩන් ඉන්නවද??? නෑ.. කියලා කෙරෙන ජාතියෙ වැඩක් ඔය. මෙමරි (RAM) කචල් නම්, VGA අල නම් වෙනස් විදියට බීප් ගාන්න පරිගණකය දන්නෙ ඔය POST එක කෙරෙන නිසා. ඔය වැඩේ සාර්ථකව උනාට පස්සෙ මෙහෙයුම් පද්ධතිය පණ ගන්වන්න BAIOSයි මෙහෙයුම් පද්ධතියයි අතර ඉන්න වැඩකාරයා තමා bootloader එක. අපේ කථානායකයා, grub, දැන් අවුරුද්දකට විතර කලින් අලුත් වෙලා grub2 උනා නෙ. (උබනටු පාවිච්චි කරන කට්ටියට එහෙම මතක ඇති 10.04 ආවෙ grub2 එක්කනෙ). පරණ grub එකට කරන වෙනස්කම් කරන්න තිබ්බෙ menu.list කියන ගොනුවට අපිට උවමනා විදියට වෙනස්කම් කරන්න. සරලයි සුගමයි. grub2 ගෙ menu.list ගොනුවක් නෑ, grub.cfg කියලා ගොනුවක් (/boot/grub/ ඇතුලෙ) තමා ඒ වෙනුවට තියෙන්නෙ. වැඩේ කියන්න ඒකට කෙලින්ම වෙනස්කම් කරන්න එපා, කරලා අල උනොත් අපි දන්නෑ කියලා user guide එකේ සිංහලෙන්ම කියලා තියනවා. එහෙමයි කියලා අපිට උවමනා විදියට OS Selection screen එක වෙනස් කරගන්නෙ නැතිව ඉන්න බෑනෙ? ඒකට තමා /etc/grub.d/ කියන directory එක ඇතුලෙ තියන ගොනු ටික දීලා තියෙන්නෙ. බලමුද ඕවා පාවිච්චි කරලා අපිට උවමනා විදියට grub2 ගෙ boot screen එක වෙනස් කරගන්නෙ කොගොමද කියලා?

/etc/grub.d ඇතුලට ගිහිල්ලා බැලුවොත් පෙනෙයි 00_header, 10_linux, 20_memtest86+, 40_custom, 05_debian_theme, 20_linux_xen, 30_os-prober, 41_custom කියලා text files වගයක් තියනවා. ඔය තියන ගොනු කියවන්නෙ ඒවයෙ මුල තියන ඉලක්කම අනුව. ඒ කියන්නෙ 00_header තමා මුලටම කියවන්නෙ, ඊලගට 10_linux ආදී වශයෙන්. තමන්ට ඕන විදිහට menu entry එකක්‌ දාන්න නමර 40_custom කියන ගොනුවට අදාල කේතය දාන්න කියලා තමා (පරිශීලක අත්)පොතේ තියෙන්නෙ. හැබැයි එහෙම කලාම අපි දාන entry එක (හෝ දෙක තුන හතර) වැටෙන්න ඉබේ හොයාත්ත ඒවට පස්සෙ. එහෙම හරියන්නෙ නෑනෙ නේද? අපි වැඩේ කරනවනම් අපේ එක මුලට එන්න එපායෑ. වැඩේ බොහොම සරලයි, 40_custom කියන ගොනුවෙ 40 වෙනුවට 01ත් 09ත් අතර ඉලක්කමක් දාන්න. ඇන්ටා බොරු කියනවද දන්නෑ නෙ.... ඒක නිසා 40_custom වල නම වෙනස් කරන්නෙ නැතිව කොපියක් දාගෙන කොපියෙ නම වෙනස් කරන්න 01ත්‌ 09ත් අතර ඉලක්කමකට. එහෙම කරලා දෙකටම entry එක ගානෙ දාල බලමු කව්ද මුලට එන්නෙ කව්ද අගට එන්නෙ කියලා. අහ්, /etc/grub.d ඇතුලෙ දගලන්න ඇම්ඩන් (root) බලතල ඕනා හරිද?

 sudo bash
 cd /etc/grub.d
 cp 40_custom 03_custom

අපි මුලින්ම 03_custom ගොනුව වෙනස් කරමු.

# gedit 03_custom&

අගට & දාන්නෙ ඇයි කියලා දන්නවා නේද? gedit 03_custom කියලා විධානය දුන්නම ඔයා text editor එක වහනකම් ඒ විධානය දීපු shell එක පාවිච්චි කරන්න බෑ. නමුත් අගට & දුන්නම ඒයා ඒ චිධාය ක්‍රියා කරවලා ඊලග පේලියට යනවා.

අර උඩින් තියන ටික තියෙන්න ඇරලා අලුත් පේලියකින් ඔයාගෙ menu entry එක දාන්න පටන් ගන්න.

menuentry 'Ubuntu 11.04 from 03_custom' {
set root='(hd0,1)'
search --no-floppy --fs-uuid --set xxxxxxxx-xxxx-xxxx-xxxx-xxxxxxxxxxxx
linux /vmlinuz-2.6.38-8-generic root=UUID=yyyyyyyy-yyyy-yyyy-yyyy-yyyyyyyyyyyy ro quiet splash
initrd /initrd.img-2.6.38-8-generic
}

මොකද්ද ඒ කියලා තියන කුනුහරුපෙ?????? 'Ubuntu 11.04 from 03_custom' කියල තියන ටික තමා boot menu එකේ පෙන්නන්නෙ, ඕකට කැමති දෙයක් දාගන්න කිසිම තහනමක් නෑ.

set root='(hd0,1)' ඔය කියන්නෙ ඔයාගෙ hard disk එකේ root partition එක කොහෙද තියෙන්නෙ කියලා. දෘඩ තැටි එකකට වැඩි ගනනක් තියනවනම් මිසක් hd0 කියන එක වෙනස් වෙන්නෙ නෑ. සම්මතයක් විදිහට අපි boot partition එක මුලින්මනෙ හදන්නෙ. (මම කලින් ලියපු partition කඩන ලිපිය කියෙව්වෙ නැතිනම් ඒක කියවල ඉන්න).

ඊලග පේලියෙ තියන්නෙ මොකද්ද කියලා බලන්න කලින් shell එක අරගෙන පහත විධානය දීලා බලන්න.
# blkid
මෙන්න මේ විදිහෙ උත්තරයක් තමා ඔය විධානය දුන්නම ලැබෙන්නෙ /dev/sda1: UUID="0b35873e-7c9e-44cd-9c41-d60a96d6b871" TYPE="ext4"
/dev/sda2: UUID="64cbf684-452a-44e0-b92b-366b7c11437e" TYPE="swap"
/dev/sda3: UUID="7a5806dd-31d7-4cf0-a6f3-3ae8ced4b974" TYPE="ext4"
/dev/sda4: UUID="0fcd8340-ab57-46b2-9ce8-42bfa567226d" TYPE="ext4"
/dev/sda5: UUID="fcd08a2b-dcb2-4db2-9378-6ed6bb5aec26" TYPE="ext4"

මගෙ /dev/sda1 එක තමා /boot එක. /dev/sda3 තමා / (root partition). ඔයාගෙ /boot එකයි / එකයි කොහෙද තියෙන්නෙ කියලා හොයාගෙන xxx වෙනුවට /boot එකේ UUID එකයි, yyy වෙනුවට / එකේ UUID එකයි ලබාදෙන්න ඕනා.

ඊලගට තියෙන්නෙ ඔයාගෙ ධාවනය වෙන Kernel එක හොයාගන්න. shell එකක් අරගෙන පහත චිධානය ලබාදෙන්න.
$ uname -r

ඊලගට
$ ls /boot

දීලා බලන්න /boot directory එක ඇතුලෙ uname -r වලින් ලැබුන relese version එක සහිත initrd ගොනුව සහ vmlinuz ගොනුව තියනවා නේද කියලා. ඊටපස්සෙ අදලාල ඉලක්කම සහිතව menu entry එකේ අන්තිම පේලි දෙක වෙනස් කරන්න. ඔය vmlinuz කියලා තියෙන්නෙ kernel එකේ binary එකයි initrd කියලා තියෙන්නෙ අදලාල drivers යි කියලා දන්නවා නේද?

දැන් තියෙන්නෙ ඔය සම්පූර්ණ කොටසම copy කරලා 40_custom ඇතුලට copy කරලා save කරන්න title එකට පොඩි වෙනස්කමක් කරලා

menuentry 'Ubuntu 11.04 from 40_custom' {
set root='(hd0,1)'
search --no-floppy --fs-uuid --set 7a5806dd-31d7-4cf0-a6f3-3ae8ced4b974
linux /vmlinuz-2.6.38-8-generic root=UUID=0b35873e-7c9e-44cd-9c41-d60a96d6b871 ro quiet splash
initrd /initrd.img-2.6.38-8-generic
}

ගොනු දෙකටම execution rights තියනවා නේද කියලා බලන්න.
$ ls -all | grep *custom

execution rights නැතිනම් දෙනහැටි දන්නවනෙ?
# chmod a+x 03_custom

ඔය කරපු වෙනස්කම් ටික /boot/grub/grub.cfg ගොනුවට ලියවුනේ නැතිනම් ඔයා කරපු වෙනස්කම් මුකුත් apply වෙන්නෙ නෑ. පහත පරිදි විධානෙ දීලා ඒ වැඩේ කරගන්න.

# update-grub

ඊටපස්සෙ restart කරලා බලන්න. boot menu එකේ උඩින්ම Ubuntu 11.04 from 03_custom කියලායි ( හෝ ඔයා 03_custom ගොනුවෙ menu entry එකට දීපු නම) අන්තිමටම Ubuntu 11.04 from 40_custom කියලයි ( හෝ ඔයා 40_custom ගොනුවෙ menu entry එකට දීපු නම) පේන්න ඇති. කරුමෙකට හරි ඔය දෙකෙන් එකක් select කරපුවාම error message එකක් දුන්නොත් බයවෙන්නෙ නැතිව restart කරලා grub එක auto අරගත්තු option එකක්‌ seslect කරලා ඉස්සරහට යන්න පුලුවන්. දීලා තියන පියවර හරියට පිලිපැද්දනම් එහෙම වෙන අවදානමකුත් නෑ ;)

ඊලග ලිපියෙන් grub 2 ගැන වැඩිදුර කතා කරමු.

Thursday, 16 December 2010

පිලිවෙලකට partition කඩමු

මෙහෙයුම්‌ පද්ධතියක් අලුතෙන් ස්ථාපණය කරහම කරන්න තියන වැඩ කන්දරාව දන්නවනෙ? තමන්ට ඕනා විදිහට settings හදාගන්නයි, උවමනා කරන software දාගන්නයි, හුරු පුරුදු විදියට tweak කරගන්නයි, ඇයි backup කරපුවා restore කරගන්න වගේ කරදර ගොඩයි නෙ. උබන්ටු පාවිච්චි කරන අයට එහෙම ඉතින් අවුරුද්දට දෙපාරක් ඔය සෙල්ලම දාන්න වෙනවනෙ. කෙනෙක් කියන්න පුලුවන් හැම පාරම freshly install නොකර upgrade එකක්‌ කලානම් ඉවරයි නෙ කියලා. පෞද්ගලිකව ඒ සදහා ගතවෙන කාලය සහ කැඩිච්ච package ගොඩදාගන්න කාලය දතකරනවට වඩා අලුතින් install කිරිල්ලට මට ලේසියි. පුංචි පහේ trick එකක් කරලා ඔය කරන්න තියන වැඩ කන්දරාව බාගයක් විතර අඩුකරගන්න පුලුවන්. හැබැයි ඉතින් මේ විදිහට හදාගන්න අත්‍යවශ්‍ය files ඔක්කොම කොහෙට හරි backup කරන්න ඕනා. මොකද මේ ගනුදෙනුව කරන්නෙ partition table එකේ උදව් පදව් ඇතුව.

අපි හුගක් වෙලාවට කරන්නෙ hard disk එක පාටිශන් කිහිපයකට කඩලා මේකෙ සිංදු, මේකෙ ෆිල්ම්, මේකෙ සොෆ්ට්වෙයා ආදී වශයෙන් තියාගන්න එකනෙ. ඒ වෙනුවට අපි වෙස් විදිහකට පාටිශන් කඩලා බලන්නයි මේ හදන්නෙ. ලෙසිම විදිහ තමා os installation එකේ දි partition කරන්න ඕනා කොහොමද කියලා අහන dialog එකේ advanced තෝරලා යන එක. live CD එකකින් boot කරගෙන next next දීගන මෙතෙන්ට වෙනකන් එන්නකො මුලින්ම.



තියන partition ඔක්කොම ටික delete කරලා වැඩේ පිලිවලට පටන් ගන්නයි තියෙන්නෙ. free space කියන කොටසෙ click කරලා add කියන button එක ඔබපුවහම partition එකේ විස්තර ලබාදෙන්න පුලුවන් සංවාද කොටුවක් ලැබෙනවා. ඔතෙන්ට අපිට ඕනා විස්තර ලබාදීලා OK කලහම, දීපු විස්තර වලට අනුව partition එකක් හැදෙනවා. අපි මුලින්ම කරන්න ඕනා /boot සදහා පාටිශන් එක හදාගන්න එක. ඔතන තමා OS එකේ kernel එක රැදවෙන්නෙ. 256mb දුන්නනම්‌හොදටම ඇති.



ඊලගට swap පාටිශන් එක හදන්න ඕනා. virtual memory එක ගැන අහලා තියනවනෙ. ඒ සදහා භාවිතා කෙරෙන disk කොටස තමා මේ. ඔයාගෙ physical memory එකට සමාන අගයක් දීලා මේක හදන්න. පොඩ්ඩක්‌ එහෙට මෙහෙට උනාට කමක් නෑ.

දැන් තියෙන්නෙ මෙහෙයුම් පද්ධතියට කොච්චර ඉඩකඩ වෙන් කරනවද කියලා තීරණය කරන්න. සාමාන්‍ය ubuntu ස්ථාපණයකට නම් 8GB ඉහටත් උඩින්. වැඩිපුර මෘදුකාංග පාවිච්චි කරන කෙනෙක් නම් මේ partition එකේ ප්‍රමාණය වැඩි කරන්න තියෙන්නෙ.

ඉතිරි ඔක්කොම ඉඩ පාවිච්චියට අරගෙන /home partition එක හදාගන්න. පාටිශන් 4යි හැදෙන්නෙ නිසා හැම එකක්ම primary partition විදිහට දෙන්න.


දැන් ඉතින් තියෙන්නෙ සාමාන්‍ය විදිහට ඉදිරියට යන්න. කිසි වෙනසක් නැතිව මෙහෙයුම් පද්ධතිය ස්ථාපණය සිද්ධ වේවි. වෙනසක් දකින්න ඇත්තෙත් නැහැ. එකම වෙනස ඊලගට මෙහෙයුම් පද්ධතිය ස්ථාපණය කරන්න යනකොට තමා දකින්න ලැබෙන්න. හිතන්නකො ubuntu 11.04 ආවා කියලා. ඒක අලුතෙන් ස්ථාපණය කරගෙන යද්දි සුපුරුදු partition select කරන තැනට ආපුවාම පුංචි වෙනස්කමක් කරන්නයි තියෙන්නෙ. /home partition එකේ format කියලා තියන check box එක un-check කරලා ඉදිරියට යන්න. user name එක පරණ පද්ධතියෙ තිබිච්ච විදිහටම ලබාදෙන්න. අලුත් මෙහෙයුම් පද්ධතිය ස්ථාපණය උනාට පස්සෙ ඔයාට පෙනෙයි කලින් තිබුනු settings ඒ විදිහටම තියනවා. wallpaper එක, theme එක ආදිය විතරක් නෙමේ firefox වල open කරලා තිබිච්ච tabs පවා ඒ විදිහටම ලැබෙයි.

මෙහෙම කලහම මෘදුකාංග ස්ථාපණය නොකර බේරෙන්න පුලුවන් කියලා වරදවා වටහාගන්න එපා. මෙතනදි වෙන්නෙ ඔයාගෙ settings සහ අනෙකුත් ගොනු සියල්ලම /home/<ඔයාගෙ නම> ගොනුව තුල සුරකෂිතව තියන එක. /home/<ඔයාගෙ නම> ඇතුලෙ ඉදගෙන ls -all විධානය දීලා බැලුවොත් පෙනෙයි මුලට . සහිත ගොනු මහ ගොඩක් තියනවා කියලා. ඒ‌ එක එක මෘදුකාංග සදහා වන ඔයාගෙ පුද්ගලික සැකසුම්. මේ විදිහට අලුත් මෘදුකාංග ස්ථාපණයකට පස්සෙ configuration කරන්න ගතවෙන කාලය හුගක් දුරට අඩු කරගන්න පුලුවන්.

Friday, 12 November 2010

තමන්ගේම කියා network එකක් - 2

කලින් ලිපිය බලලා virual machine දෙකතුනක් හදාගන්න ඇති නෙ. දැන් බලමු කොහොමද මේවයින් පුංචි පහේ නෙට්වර්ක් එකක්‌ හදාගන්නෙ කියලා. මුලින්ම අපි network adapter එකක් හදාගන්න ඕනා අපිට උවමනා IP range එකක් දීලා. මේ සදහා VMWare ස්ථාපණය සමග ලැබුනු Virtual Network editor පාවිච්චි කරලා add network කියන බොත්තම ඔබන්න.



එතනින් ලැබෙන සංවාද කොටුවෙ මොන ආකාරයේ network එකක්‌ද හදන්න ඕනා කියලා තෝරන්න තියනවා. සාමා..යෙන් මෙතනදි තෝරන්න ඕනා host-only කියන option එක. නමුත් ඊලග ලිපියට පහසු වෙන්න අපි NAT කියන option එක භාවිතා කරලා මේ adapter එක හදාගමු. network name එකට කැමති ඉලක්කමක් දීලා (තියන එකම ඔහෙ තියෙන්න අරින්න) add කියන බොත්තම ඔබන්න



ඊට පස්සෙ අපි මේ adaptor එකට subnet IP එකක්‌ලබාදෙන්න ඕනා. හොදම වැඩේ තමා ඔයාගෙ පරිගණකයෙ IP එක බලලා ඒ range එකෙන් පිට range මෙතෙන්ට ලබාදෙන එක. මොකද හුගක්‌ වෙලාවට ඔයාට IP එක ලැබෙන්නෙ රව්ටරේ DHCP වලින්. ඔයා මොකක් හරි IP එකක් හෙව්වොත්‌ ඒ request එක යන්නෙ රව්ටරේට. මේ network adapter එකෙනුත් කරන්නෙ ඒ දේ මයි. ඉතින් දෙන්නෙක් එකම වෙලේ එකම දේ කරන්න ගියපුවාම වැඩේ ලෙඩේ වෙනවා කියලාදන්නවනෙ.



ගෙදර broadband පහසුකම නැතිනම් ඔයාට IP එකක් පෙනරවන්නෙ නෑ. ඒ වගේ අවස්ථාවකදි පරිගණකයේ IP එක සහ netmask එක maually ලබාදෙන්න පහත විධානය භාවිතා කරලා.

#ifconfig <පරිගණකයේ network card එක> <භාවිතා කල යුතු IP එක> netmask 255.255.255.0
#ifconfig eth0 192.168.101.1 netmask 255.255.255.0

ඊට පස්සෙ ඒ range එකට පිට එකක් Virtual Netwok adapter එකේ subnet IP එක විදියට ලබාදෙන්න



adapter එකේ නම මතක තියාගෙන save බොත්තම click කලාම ඒ වැඩ ටික ඉවරයි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ VMWare Player run කරලා අලුත හදාගත්තු adapter එක ඔයාගෙ VM වලට ආදේශ කරන එක. මේ සදහා අදාල vm එක තෝරලා edit virtual machine settings වෙත ගිහිල්ලා අලුත හදාගත්තු netwok adapter එක තෝරන්න.



දැන් තියෙන්නෙ VM එක run කරන්න. VM එක boot වුනාම IP එක දිහා බැලුවොත් පෙනෙයි අපි දීපු range එක තුල ලිපිනයක්‌ එයාට ආදේශ වෙලා තියන වග. Windows XP VM එකක් තුල file share එකක් හදලා බලමුද ඒක access කරන්න පුලුවන්ද කියලා? කරන්න තියෙන්නෙ share කරන්න ඕනා ගොනුවෙ right click කරලා properties චල sharing කියන tab එකට යන්න.



එතන "if you understand the security risks, but want to share...." කියලා තියන link එකේ click කරලා just enable file sharing තේරුවනම්‌ වැඩේ හරි. කැමති නම්‌ ඉතින් wizard එක follow කරන්නත්‌ පුලුවන්. ඊට පස්සෙ "share this folder on the network" කියන තැන tick කරලා OK කරන්න.



share කරපු folder එකට යටින් මේ පින්තූරෙ පෙන්නනවා වගේ අතක්‌ වැටිලා තියනවා කියලා පෙනෙයි.



දැන් තියෙන්නෙ share එක access කරලා බලන්න. VM එකේ command prompt එක අරගෙන ipconfig ගහලා IP එක හොයාගන්න දන්නවනේ. ඊට පස්සෙ ubuntu වල (හෝ ඔයාගෙ host machine එකේ) places->connect to a server ගිහිල්ලා VM එකේ IP එක දීලා connect වෙන්න බලන්න.



nmap ගැන කතා කලා මතක ඇතිනෙ? nmap කරලත්‌ බැලුවනම් VM එකට ;)

Sunday, 24 October 2010

Macintosh වෙනුවට Hackintosh වෙනුවට Macbuntu

වෙනස් වෙනස් මෙහෙයුම් පද්ධති ගැන උනන්දුවක් දක්වන අය, කඩල බිදල බලන්න කැමති අය, සතියට පස් හයපාරක්‌මෙහෙයුම්‌පද්ධතිය අලුතින්‌ පිහිටුවන අය එහෙම අනිවාර්යයෙන්‌ අත්හදාබලලා තියන දෙයක් තමා Apple සමාගමේ MacOS මෙහෙයුම් පද්ධතිය IBM format (අපි එදිනදා පාවිච්චි කරන) පරිගණකයක පිහිටුවලා බලන එක. hackintosh කියන වෙබ් අඩවියෙන් මේ ගැන අපිව සෑහෙන කාලයක් තිස්සෙ දැනුවත් කලා. එතන වෙන්නෙ මෙහෙයුම් පද්ධති ගැන ගැඹුරු අවබෝධයක් තියන අය සහ ඉගනගන්න අය එකතු වෙලා OSX පද්ධතිය ibm format පරිගණක වලට අනුකූලවෙන ආකාරයට reverse engineering කරන එක. මේක අධ්‍යාපණිකව බොහොම වටිනවා තාක්ශණික කරුනු ගැන ඉගනගන්න. නමුත් මේ විදියට OSX ස්ථාපණය කරලා බලපු අය දන්නවා ඒයින් ලැබෙන user experience එක 'පට්ට චා' කියලා. හේතුව සරලව පැහැදිලි කරනවා නම්, අවුරුදු ගානක් තිස්සෙ සිංහල කථික තරග දිනපු දක්ශයෙක්ව අරගෙන brainwash කරලා 'දැන්‌ දෙමලෙන් කතාකරන්න' කිව්වට ඒ මනුස්සයට සිංහලෙන් දක්වපු දක්ශකම් පෙන්වන්න බෑනෙ.

ලිනක්ස් පාවිච්චි කරපු අය docky ගැන අහලා ඇතුවට සැකයක් නෑ. ලිනක්ස්‌වල වගේ OSX වල වගේ animated task bar එකක් ලබාගන්න මේකෙන් පුලුවන්. නමුත් desktop theme එහෙම වෙනස් කරලා පෙනුම OSX වගේ කරගන්න ටිකක් විතර කරදර වෙන්න සිද්ධඋන වග කරලා බලපු අයට මතක ඇති.

මේකට පිලියමක් විදියට තමා Macbuntu එලිදක්වලා තියෙන්නෙ. ස්ථාපනය වෙන්න ඕනා dependencies එක තැනකට ගිනු කරලා තනි installation එකකින් Ubuntu -> OSX කරන්න මේකට පුලුවන්. දැනට සහය දක්වන්නෙ Ubuntu 10.04 සහ 10.10 වලට විතරයි. ඒක නිසා ඊට පරණ Ubuntu ස්ථාපණයක් තියනව නම් අලුත් එකකට update කරගෙන ඉන්න.

මුලින්ම කරන්න තියෙන්නෙ http://gnome-look.org/content/show.php/Macbuntu?content=129021 වෙත ගිහිල්ලා අදාල .gz ගොනුව download කරගන්න. 10.04 නම් මෙතනින් සහ 10.10 නම් මෙතනින් අදාල ගොනුව ලබාගන්න.

shell එක පාවිච්චි කරනව නම් wget ස්තාපණය කරලා තියෙන්න ඕනා (sudo apt-get install wget)
මුලුන්ම අපි home එකේ Sources කියලා directory එකක් හදාගනිමු. නැතිනම් පහත චිධාන වල Sources වෙනුවට ඔයා වැඩකරන directory එක ලබාදෙන්න.
mkdir ~/Sources

10.04
wget https://downloads.sourceforge.net/project/macbuntu/macbuntu-10.04/v2.2/Macbuntu-10.04.tar.gz -O ~/Sources/Macbuntu-10.04.tar.gz


10.10
wget https://downloads.sourceforge.net/project/macbuntu/macbuntu-10.10/v2.3/Macbuntu-10.10.tar.gz -O ~/Sources/Macbuntu-10.10.tar.gz



ඊට පස්සෙ භාගත කරගත්තු gz ගොණුව extract කරගන්න එපායෑ.
GUI එකේ නම් භාගත වුන ගොනුවෙ right click කරලා extract තෝරන්න

shell එකේ නම් Sourceses ඇතුලට යන්න
cd ~/Sources
පස්සෙ
tar xzvf Macbuntu-10.04.tar.gz
හෝ
tar xzvf Macbuntu-10.10.tar.gz

extract චුන ගොනුව ඇතුලට ගිහිල්ලා install.sh කියන script එක run කරන්න.
cd /Macbuntu-10.04
හෝ
cd /Macbuntu-10.04

ඊට පස්සෙ
./install.sh
මෙතනදි අදාල test එහෙම ධාවනය කරලා ඉදිරියට යන්න කලින් මේ වගේපණිවුඩයක් දෙනවා



ඊට පස්සෙ පෙනුම මොන ආකාරයටද තියෙන්න ඕනා කියලා ප්‍රශ්ණ කිහිපයක් අහනවා. default setting එක (නිකම්ම enter කරලා) හෝ yes ලබාදීලා (y සහ enter) ඉදිරියට යන්න.



මෙතන ඉදලා ස්ථාපණය වෙන්න ගතවෙන කාලය ඔයාගෙ පරිගණකයේ ස්ථාපණය කරලා තියන packages සහ අන්තර්ජාල සබධතාවයේ වේගය අනුව වෙනස් වෙනවා. කිහිප වතාවක් do you want to continue [y/n]? ලෙස පනිවුඩය වෙන්වයි. y ලබාදීලා ඉදිරියට යන්න. මතක තියාගන්න, මේ ක්‍රියාවලියට අන්තර්ජාල සබධතාවක් තියෙන්න ඕනා.


අවසානයේ මෙන්න මේ වගේ පනිවුඩයක් ලැබුනම 1 ලබාදීලා enter කරන්න. සුලු මොහොතකට පස්සෙ firefox සදහා add-on එක උවමනාද කියලා අහයි. ඒකට y දීලා enter කරන්න.



firefox add-on එක ස්තාපණය කරලාfirefox restart කරන්න.



අවසාන වශයෙන් වම් කෙරවලේම තියන icon එක click කරලා docky settings වලට ගිහින් dock configuration වල hiding කියන drop down list එකෙන් intelihide තෝරන්න.



දැන් පරිගණකය restart කරලා බලන්න. system tools වල ubuntu tweak වෙත ගිහිල්ලා උවමනා විදියට හැඩ වැඩ වෙනස් කරගන්නත්‌ අමතක කරන්න එපා.