Tuesday 7 December 2010

web server එකක් මුලසිට හදාගනිමු 3

කලින් ලිපි දෙක කියෙව්වෙ නැතිනම් පලමු ලිපිය මෙතනින් සහ දෙවන ලිපිය මෙතනින් කිවල ඉන්න.

අද බලමු apache configuration වැඩිදුර කරන්නෙ කියලා. කලින් ලිපියෙදි browser එකක්‌අරගෙන http://< server ip එක >/phpinfo.php කියලා php විස්තර බලාගත්තා මතකනෙ. ඒ විදිහටම අද http://< server ip එක >/something.htm කියලා type කරලා enter කරලා බලන්න. (something.htm වෙනුවට වෙන මොනාගරි දාලා බලන්න අවුලක් නෑ කියලා දන්නවනෙ). මෙතනදි අපි කරන්නෙ server එකේ නැති පිටුවක නමක් දෙන එක. බලන්නකො එහෙම කලාම ලැබෙන web page එක.




OS එකයි, ධාවනය වෙන web server එකයි ඒකේ version එකයි ඔක්කොම එක්ක උප්පැන්න සහතිකේ කරේ එල්ලගත්ත වගේ නේද? ඔයාගෙ server එක ගැන විස්තර හොයන කෙනෙක්ට කිසිම කරදරයක්‌නැතිව ඔය විස්තර බලාගන්න පුලුවන් නෙද?

මුලින්ම හොයාගන්න ServerTokens කියන parameter එක httpd.conf ගොනුව තුල.

nano /etc/httpd/conf/httpd.conf
ctrl + w (search කරන්න)
ServerSignature (කියලා enter කරන්න)

මේක default තියෙන්නෙ OS කියලා. Full, OS, Minimal, Minor, Major, Prod විදිහට value එක වෙනස් කරලා /etc/init.d/httpd reload කියලා reload කරලා බලන්න set කරපු value එක අනුව error page එකේ පෙන්වන විස්තර වෙනස් වෙන හැටි. http.conf ගොනුවට වෙනස්කමක් කලොත් ඒක apply වෙන්න sudo /etc/init.d/httpd reload කරන්න ඕනා කියලා දන්නව නෙ.



ඔය parameter එක කොහොම set කරලා තිබ්බත් ServerSignature එක off කලොත් ඔය මුකුත්ම පෙන්වන්නෙ නෑ. ServerSignature off විදිහට වෙනස් කරලා තියනවනම් වඩාත් හොදයි. ඔයාට server එකේ විස්තර දැනගන්න ඕන නම් ssh කරලා ඒ දේ කරගන්න පුලුවන් නෙ.

අර කලින් ලිපියෙදි phpinfo.php කියලා හදපු text file එක delete කරන්න ඕනෙ ඇයි කියලා දන්නවනෙ ;) නැතිනම් ඕන කෙනෙක්ට http://< server ip එක >/phpinfo.php කියලා type කරලා ඔයාගෙ server එකේ විස්තර බලාගන්න පුලුවන්.

web hosting සේවාවක් සපයන්න බලාපොරොත්තු වෙන කෙනෙක් එකම server එකේ web site එකකට වඩා තියන්නෙ කොහොමද කියලා කල්පනා කරනවා ඇති. browser එකේ hacker.lk කියලා type කලාම ඊට අදාල IP address එක DNS මගින් හොයාගෙන යනවා කියලා දැනටමත්‌ ඔයාලා දන්නව නෙ. එකම IP එකකට නම්‌ ගොඩක් තියෙන්න පුලුවන්ද? උදාහරණයක් විදිහට ආන්ඩුවෙ ලොකු කන්තෝරුවකක් ගැන හිතන්න. ගොඩනැගිල්ලට තියෙන්නෙ එකම ලිපිනය උනාට වෙනස් වෙනස් සේවා සදහා ලොකු මහත්තුරු වෙන වෙන කාමර වලනෙ ඉන්නෙ. ඇතුල් වෙන තැන ලොකු පුවරුවක මහත්තයගෙ නමයි ඉන්න කාමරෙයි ලියලා තියනවා දැකලා ඇති නෙ. ඔය විදිහට apache වල අපිට සකසන්න පුලුවන් වෙනස් වෙනස් web sites කිහිපයක්‌ එකම server එකේ තියෙන්න. ඔය reseller hosting කරන අය කරන්නෙ. httpd.conf ගොනුවෙ අගටම ගියොත් මෙන්න මේ වගේ කොටසක් දකින්න ලැබෙයි.



ඔයා මේ server එකේ සේවාව සපයන්න බලාපොරොත්තු වෙන web site සදහා ඔය වගේ entry එකක් අදාල පරිදි වෙනස් කරලා දෙන්න තමා තියෙන්නෙ. # සලකුණ යොදන්නෙ comment කරන්න. ඒක නිසා අදාල පේලි වල # ඉවත් කරන්න අමතක කරන්නත් එපා.

LAMP server එකක් කියන්නෙ මොකද්ද කියලා අහලා නැතිනම් ඔය ලිපි පෙලින් අපි හදාගත්තෙ Linux, Apache, Mysql, PHP- LAMP server එකක් ;).

ආයිබෝං කිව්වා.

6 comments:

  1. හොඳ post එකක්............................

    ReplyDelete
  2. මැක්සා පෝස්ට් 3ක්! මට ආයෙත් වින්ඩෝස් අයින් කරලා උබුන්ටු වලින් වෙබ් ඩිවෙලොප් කරන්න පටංගන්න හිතෙනවා :)

    ReplyDelete
  3. anthrax අයියා, මේක off topic ප්‍රශ්නයක්.
    මේ ස්ක්‍රින්ෂොට් වල තියෙන Mac4Lin එක සිරානෙ. මම කලින් වතාවක් කරල බලපු වෙලේ මෙච්චර හොඳට බට්න්ස් එහෙම ආවෙ නෑ. මේ කරල තියෙන එක ගැන ටියුටෝරියල් එකක් හෙම තියේනං දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  4. මම කලින් පෝස්ට් එකක්‌ දැම්මා ඔය ගැන;) මෙතන බලන්න

    ReplyDelete
  5. Maxxa Post එක (3).. 19340839459745 වතාවත් තැංකූ.. :D


    LAMP එකේ A,M,P ටික වින්ඩොස් වල ඉඳන් කරනවා.. (තවම "L" Download වෙනවා.. :D )

    ReplyDelete