Saturday 10 March 2018

නිකං තියන VPN

මේ දවස් වල බරපතල විදිහට භාවිතා වෙන කතංදරයක් තමා vpn. මොකක්ද මේ? ෆේස්බුක් බ්ලොක් කරපුවහම ඒක බලන්න විතරක්ම තියන තාක්ශණයක්ද මේ?

අන්තර්ජාලය කියන්නෙ ටෙලිකොම් සේවා සපයන ඈයො මහ ගොඩක් එකිනෙකා අතර පවතින සම්බන්දතාවය මත ගොඩනැගුනු තාක්ශණයක්. මොකක් හරි රටක රජයෙන් ඒ රට ඇතුලෙ ඉන්න ටෙලිකොම් සේවා සපයන්නන්ට කියනවනම් අසභ්‍ය වෙබ් අඩවි, සමාජ ජාල සම්බන්ද තහනමක් පනවන්න කියලා ඒගොල්ලන්ට බොහොම ලේසියෙන් ඒ අයගෙමත සම්පූර්ණයෙන් යැපෙන අයට ඒ දේ කරන්න පුලුවන්. නමුත් අන්තර්ජාලය කියන්නෙ විව්‍රත තැනක්. එක එක සේවා සදහා ඕන තරම් සේවා සපයන්නො ඇතිවෙන්න ඉන්නවා.

අපි ටෙලිකොම් සේවා සපයන ආයතනයක අන්තර්ජාල සේවාව  ලබාගන්නකොට හරියට බස් එකකට ගොඩවෙනකොට කොන්දොස්තර "කොහෙටද යන්නෙ" අහලා ඒ කියන තැනිං බස්සනවා වගේ වැඩක් වෙන්නෙ. ඔන්න බස් සංගමෙන් Unity Plaza එකට දාපු තහනමක් නිසා කොළඹ මොරටුව බස් එකේ කොන්දොස්තරලා කියන්න ගන්නවා "බම්බලපිටිය හන්දියට යන අයව ගන්නෙ නෑ" කියලා වෙන ඕන තැන්ස්කට යන අයට ගොඩවෙන්න දෙනවා. මේ සමාජ ජාල තහනමත් අන්න ඒවගේ එකක්. විශාකා එක ලග බස් හෝල්ට් එකෙන් බැහැලා පයින් එන්න, ටුක් එකක් ගන්න කිසිම තහනමක් නෑ නෙ? 

VPN කියන්නෙ බොහොමයක් ආයතන වලට නැතිවම බැරි තාක්ශණයක්. කොලඹ තියන ශාකාවයි, ගාල්ලෙ තියන ශාකාවයි එකම පුද්ගලික ජාලයක ඉන්න තත්වයෙන් වැඩකරන්න ලාභදායී පහසුම තාක්ශණය තමා virtual private networking. ඒ විදිහටම ලංකාවෙ තියන ශාකාවකුයි ඇමරිකාවෙ තියන ශාකාවකුයි එකම ජාලයක් ඇතුලට ගේන්න පුලුවන් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ. 

තනි හෝ කුඩා පිරිසකට පාවිච්චි කරන්න පුලුවන් ආකාරයේ vpn සේවා මාසෙකට $6 වගේ ගනං වලට තියනවා. මේ ඔප්ශන් එක විශාකා එක ලගින් බැහැලා ටුක් එකක් ගන්නවා වගේ. අතේ සල්ලි තියනවා නම් නැග්ගා ගියා. හැබැයි අපේ ඈයො බහුතරයක් කරන්නෙ ෆ්‍රී ඇප් ඩවුන්ලෝඩ් කරං දගලන එක. මේක හරියට පාරෙ යන වාහන වලට අත දාගෙන ඉන්නවා වගේ වැඩක්. කවුරු නවත්තයිද දන්නෑ, නැවැත්තුවත් ඩ්‍රයිවර් මොන ජාතියෙ ඩයල් එකක් ද දන්නෙත් නෑ.

සාමාන්‍ය මට්ටමක තාක්ශණික දැනුමක් තියන කෙනෙක්ට පයින් යන ඔප්ශන් එක භාවිතා කරන්න පුලුවන්. ඇමසන් එකෙන් අවුරුද්දක් දක්වා නොමිලේ සර්වර් එකක් ගන්න පුලුවන් කියලා දන්නවා නේද? ඕයින් එකක් අරගෙන OpenVPN Server එකයි easy-rsa පැකේජ් එකයි දාගෙන කන්ෆිගර් කරන එක පැයකට අඩු කාලයක් ඇතුලත් කරගන්න පුලුවන්ක. කලින් කරලා නැතිනම් ගූගල් දේවතාවුන්නාන්සෙගෙන් අහන්න how to install and configure OpenVPN server කියලා. OpenVPN connect ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් ඇපල් දෙකටම තියනවා. එස් එල් ටී එකට වයිබර් බ්ලොක් කරලා රට ඉන්න හිතමිතුරන්ට අයි ඩී ඩී කෝල් ගන්න කියලා ඇඩ් දාන්න හොද නම් අපි ෆ්‍රී දෙන සර්වර එකක් අටෝගන යාලුවන්ට එකෙක්ට මාසෙකට 500 ගානෙ වීපීඑන් දුන්නම මොකෝ?

No comments:

Post a Comment