Thursday 1 September 2016

හැකිං ගැන උනන්දු අනික් මල්ලිලා වෙත ආදරයෙන් ලියන වග නම්..

උත්සවයක් අතරතුර කෑ කෝ ගසමින් එහෙ මෙහෙ දුවන පොඩි එකෙක්ගේ දෙමව්පියන්ට හිතින් බැනවැදීම, ලග ඉන්නා කෙනෙකු සමග දොස් පැවරීම අතිශය සාධාරණ මනුෂ්‍යහැසිරීමක් නමුත් පොඩි එකාගේ කණ මිරිකා 'හැසිරෙන්නට කියාදෙන්න' හෝ උගේ බෙල්ලෙන් අල්ලා 'මුගේ අම්මා කව්ද' කියා ඇසීම නුබට කල නොහැකිය. නුබේ නගරයේ ඇති පොල්ස් ස්ථාණයේ ආයුද ගබඩාවේ දොරේ ඇති ඉබ්බා බැරල් තුනේ ග්ලෝබස් එකක් කියා කොන්ඩා කටුවක් සහ හැට්ට කටුවක් (හෝ මනා lock picking ආවුද) භාවිතා කර විවෘත කොට ස්ථානාධිපති ලගට ගොස් "මේං" කියන්නට හෝ අයිතිකාරයා නැතිබව හොදින්ම දන්නා වත්තකට මිස අඹ ගෙඩියක් පේර ගෙඩියක් කඩාගන්නට නොපැන සිටීමට තරම් බුද්ධිමත් නුබලාගෙන් එකෙක් රජයේ ගොඩනැගිල්ලක ඉදිරිපස කුරුටු චිත්‍ර (graffiti) ඇදීමට සමාන ඩිජිටල් ගොං කමක් කිරීමට තරම් මුග්ධ තත්වයකට ඇදවැටෙන්නට ඇත්තේ කෙසේද කියා තවමත් මට නොතේරේ.

අන්තර්ජාලයට සම්බන්ධ වීමට නම් අන්තර්ජාල සේවා දායකයෙකුගේ (ඩෑලොග්, හුලංටෙල්, ඇස් ඇල් ටී වැනි) සේවාව අවැසි බව නුබ දන්නවා ඇතැයි මම සිතමි. ඒ සේවාදායකයා නුබව අනිත් පරිශීලකයන්ගෙන් වෙන්කොට හදුනාගන්නට ip ලිපිනයක් කියා එකක් දෙන වගත් නුබ අසා ඇතැයි සිතමි. නුබ කොයි දීපංකරේ ගියත් නුබ ඉල්ලුම් කරන පිටුව අදාල සර්වරයෙන් එවන්නේ ඔය කියන ip ලිපිණයට බවත් උබට තේරෙනවා ඇතැයි සිතමි. ඉතිං යකෝ... ඕක හරියට හංගගන්න දන්නැතිව උබ කොහෙ ගියත් උබව මාට්ටු වෙනවා කියලා තොට තේරෙන්නෙ නැද්ද?

(සමාවෙයං පොඩ්ඩක් තරහා ගියා)

යථාර්තය නම් කෙවින් මිට්නික්, සැමී කම්කා වැනි අතලොස්සක් success stories ගැන සැවොම කතා කලත් සිරගතවී සිටින දහස් ගනන් පරිගණක අපරාධකරුවන් ගැන කිසිවෙක් අසාවත් නැත. ඔවුන් සියල්ලම තවත් එක් අපරාධකරුවන් පිරිසක් පමණි. පරිගණක ආරක්ශණ උපදේශණ සමාගමකට (ethical hacking company) සේවය කරන මම ඉතා වගකීමෙන් යුතුව කියා සිටින්නේ අප ආයතණය කිසිදු ආකරයක සාපරාධි චෝදනාවක් (criminal record) ඇති අයෙකු හට රැකියාවක් ලබා නොදෙන බවයි. ඔව් නුබ සිතුවා හරිය... ඉංගිරිසි ද හිංදිද කියා වෙනසක් නැත, ටීවී එකේ යන විච්චූරණ සැබෑ ජීවිතයට ආදේශ කරගන්න ගියොත් නුබට කෙලවෙනවා සිකුරුය. යම්කිසි ආයතනයක වරදක් නුබ සොයාගත්තානම් කලයුත්තේ ඔවුන්ට ඒ බව දැන්වීම මිස අසූ ගනන් වල මෙන් ඒ අඩවියේ මුල් පිටුව වෙනස් කිරීම නොවේ. දැන්වූ පලියට උන් එය හදන්නේ නැති බව මමත් අත්දැකීමෙන් දනිමි. නමුත් නුබත් මමත් ජීවත්වන පද්ධතිය තුල (දේසපාලුවන්ට හා බලපුලුවංකාරයින්ට නැති මුත්) නීතිය කියා දෙයක් ඇත. එය කඩකිරීමට සමාව ලැබෙන්නේ උක්ත කුලකයට අයත් වාසනාවන්තයින්ට පමනක් බවත් හොදින් මතක තබාගත යුතුය.

මේ සිදුවීමට ලැබුන ප්‍රසිද්ධියත් සමග හැකිං කෝස් වෙලදාම කරන වෙලෙන්දන්ට රජ මගුල් කන්න චෑංස් එකක් ලැබී ඇත. මතක තබාගතයුතු කාරණය නම් ඉන්ටකෝස් කල පලියට ලමයින් හම්බෙන්නේ නැති සේම අහවල් කෝස් එක කල පලිට උබට දැනුම ලැබෙන්නේද නැතිවගය. නුබ සැබෑවටම විශය ගැන උනන්දුවක් දකන්වන්නෙක් නම් ඉගෙනගන්නට උවමනා සෑම දෙයක්ම අන්තර්ජාලයෙන් නොමිලේ සොයාගත හැක. අවැසිවන්නේ නුබේ උනන්දුව හා කැපවීම පමණෙි. ලොකු ඇඩ් දී, ලොරි ටෝක් සමග අහවල් කෝස් එක ප්‍රමෝට් කරන්නන්ගේ පම්පෝරියට නොරැවටී උන් කල කී දේවල් සහ ඒ කෝස් එක කර ගොඩගිය උන් ඇතිදැයි සොයාබලන්න යුහුසුලු වන්න. නුබ දේසපාලුවෙකුගේ දරුවෙකු හෝ 'නාන්න සල්ලි' ඇති පවුලකින් පැවතෙන්නෙක් මිස බහුතරයක් දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපණයට උදෙසා වියදම් කරන මුදල් ඉතිරිකරගන්නට දරන වෙහෙස දන්නේ ඔවුන් පමනි. එසේ තිබියදී රජය හෝ කෝටි ගනන් මිල මුදල් ඇති වෙනත් ආයතනයක් සමග නඩුහබ වලට පැටලීම බහුතරයක් දෙමව්පියන්ට සිතීමට පවා බිය ගෙනදෙන කාරණයකි.

අවසාන වශයෙන් නුබ ප්‍රිය කරන ගැහැනු ළමයා විස්මයට පත් කිරීමට හෝ යහලුවන් අතර පොර වීමට හැකිං ගැන කතා නොකරන, සැබවින්ම පරිගණක ආරක්ෂාව ගැන උනන්දුවක් ඇති නම්, කෙටි මාර්ග වල යෑමෙන් වැලකී නීතියට පටහැනි නොවන ආකාරයට දැනුම දියුනුකරගැනීමට උත්සහ ගනිං.

ජය

ඇන්ටයියා

10 comments:

  1. අවුරුද්දකට පස්සේ පොස්ට් එකක්. මේකත් හැක්වෙලාද මංදා :D

    ReplyDelete
  2. බ්ලොග් එකේ අයියා වෙත,
    කෙවින් මිට්නික්, සැමී කම්කා වැනි හැකර් වරුන්ගේ අතීතය සොයා බලන්න.ඔවුන්ගේ SUCCESS STORIES ගැන කතා කිරීමට පෙර ඔවුන් ගේ UNSUCCESS STORIES සොයා බලන්න.ඔවුන් කොපමණ වසරක් සිරගතවී සිටියාද?නමුත් නැවත නැවතත් කලේ සිරගතවීමට හේතු වූ දේ නොවේද?ස්වයං අධ්‍යනයෙන් යම් දෙයක් ඉගෙනීමට නම් එය ප්‍රයෝගිකව පරීක්ෂා කල යුතු අතර ඒ පිළිබඳව නව්‍යම අයුරින් සිත බැලිය යුතුයි.ශ්‍රී ලංකාව තුල BLACK hat HACKERS අඩු වීමට හා දක්‍ෂතා මග හැරී යාමට හේතුව නම් බහුතරයක් අතර ඔබ වන පුද්ගලයින් සිටීමයි.නීතියට පටහැනි බව සත්‍යයකි,නමුත් මේ සේ සිතන තාක් කළ ශ්‍රී ලංකාවෙන් කෙවින් මිට්නික් කෙනෙක් බිහි නොවනු ඇත.අතීතයේ සිට ශ්‍රී ලංකාවී කිසිදු නව නිර්මාණයකට අත දී නොමැති බව නොරහසක්.හොද හෝ නරක දක්ෂයින් ගේ හැකියාවන් යටපත් කිරීම මන්ද බුද්ධිකයින් බිහි කිරීමක් පමණි.SECURITY CONSULTANT කෙනෙක් වශයෙන් ඔබේ අදහස් නිවැරදි , නීතියට අනුවත් එය නිවැරදි,නමුත් සිතන්න ඔබ ඔය සිතන ලෙස හිතුවොත් ලෝකය විනාශ වී යන තෙක් ශ්‍රී ලංකාවෙන් එවන් දක්ෂ මොලකරුවෙකු බිහිවෙවිද ?සිතන්න...මෙවන් BLOG පොස්ට් පල කර ඔබේ අදහස සමාජ ගත කිරීම පෙර මොහොතක් සිතන්න.


    ReplyDelete
  3. ස්වයං අධ්‍යනයෙන් දෙයක් ඉගනීම සදහා ප්‍රයෝගිකව යමක් කිරීමට කාබාසිනියා කිරීමට කොහෙත්ම උවමනාවක් නැති බව නොතේරෙන උබ ගැන මට සිරාවටම දුකය.

    ලංකාව තුල black hat උන් අඩුවීමට හා දක්ශතා මගහැරීමට හේතුව බහුතරයක් අතර මා වැන්නවුන් සිටීම ලෙස නුබ අදහස් කලේ "නීතියට ගරු කරන" පිරිස ගැන යයි සිතමි.
    එක්සත් රාජදානියේ ක්‍රෙඩිට් කාඩ් වංචා වෙනුවෙන් මෝස්ට් වෝන්ටඩ් ලයිස්තුවේ අවුරුදු පහකට අදිකකාලයක් අංක එකට සිටියේ ශ්‍රී ලාංකික දමිලයකු වීම උබට අනුව අපි රටක් ලෙස පට්ටෙටම ආඩම්බර වියයුතු කාරනාවකි.
    බොලා කියන හැටියට රටක අපරාදකරුවන් සිටීම ආඩම්බර වීමට හේතුවක් වන හැටි මට නොතේරේ. කෙසේ වෙතත් රටක නීතියට ගරුසරුවක් නැති කාලකන්නින් හදන්න සහය නොදීම ගැන ඔය කියන බහුතරය වෙනුවෙන් මම සමාව අයැදිමි.

    නව නිර්මාණ වලට අත නොදීම ලංකාන්ඩුවෙන් සිදු නොවන කතාව හැබෑය. එසේ කියා "දක්ශයන්ට අත දෙන්නට කවුරුත් නෑ" කිවීම තනි බයිලාවකි. ආරක්ෂණ සමාජයේ (it security community) හෝ විව්‍ර්ත ම්‍රුදුකාංග සමාජයේ සැබෑ ප්‍රශ්ණයක් ඇසුවොත් (පරණ කෑල්ලගෙ ෆේස්බුක්, ඊමේල් හැක් කරන්න ආදී ගොං ආතල් නැතිව) උදව් කරන්නට කෙනෙක් නැතැයි කීම ගේ(gay) ඩෑල් එකක් රූප රැජින තරගයක් බලන්න ගොස් "කෑලි නෑ බං" කියන කතාවකි.

    සෝශල් ඉංජිනියරිං මොන මගුලක්ද යයි මහජනයා නොදත් කාලෙක මිට්නික් කල දේ රිවොලූශනරි ය. ක්‍රොස් සයිට් ස්ක්‍රිප්ටිං මාත්‍ර්කාවක් නොවූ කලක කම්කා කල දේ සිරාවටම ඉම්ප්‍රෙසිව්ය. අවුරුදු දහ අටකට කලින් ෆෝඩෝ ආතල් එකට කල ප්ටොජෙක්ට් එක අදටත් ඕන එකෙක් නෙට්වර්ක් එකකට මුලින්ම රන් කරන ටූල් එකය. නමුත් උබේ යාලුවා කල දේට පට්ටම ස්ක්‍රිප්ට්කිඩී ය. "පබ්ලික් එනිමීස්" චිත්‍රපටය නරබා ජෝන් ඩිලංජර් වාගේ වෙන්නට ග්‍රාමීය බැංකුව කැඩූ එකෙකට "අත දී දියුනු කරන්න" කොහෙත්ම හැකියාවක් නැත. පාටියකට තව බෝතලයක්, සැන්ඩි හෝ බයිට් මොනාහරි අරං එන උන් අතර උබේ යාලුවා අත්දෙක වන වන ඇවිත් තරම නොදැන බී හතරපොලේ වමනෙ දැමූ එකෙකි. ඔය වයසේ "හැබෑ වැඩක් කරන" ඕනෑතරම් උන් ලංකාවේ ඉන්න බව උබ උබේ නොදන්නාකමයි.

    වියාකරණ එහෙම අවුලට හදිස්සියේ ලියූවත් බ්ලොග් පෝස්ට් එක ලිව්වේ උබට කමෙන්ට් කලාට වඩා හොදට හිතලාය. ඌණ පූර්ණයක් ලිවීමට අවස්තාවක් ලබාදීම ගැණ බොහොමයක්ම ස්තූතිවන්ත වෙමි.

    ජය

    ReplyDelete
    Replies
    1. සහෝදරයා,
      ඔය හැකරා මගේ යාළුවෙකු හෝ හිතවතෙකු නොවන බව ඔබට දැන්වීම මගේ යුතුකමක් ලෙස දකිමි.නීතිය කුමක් වුවත් මා සිතුවේ අදාළ වයස අවු 17 ක සිසුවා එය කළා නම් ඔහු කුමන හෝ අන්දමක දක්ෂතාවයක් තිබිය යුතු බවයි.එසේ දක්ෂතාවයක් තිබුන නම් ඔහුගේ හැකියාව හොද මගකට හැරවීම රටට ප්‍රයෝජනවත් නොවෙවිද?නමුත් සිදුවී ඇත්තේ එය නොවන නිසා ත් එය මම ඉල්ලා ඇස කර ගත යුතු යයි සිතමි.ඔහු කර ඇත්තේ බංගලි team_CC හැකරුන් ගෙන් මුරපද ලබාගෙන තමාගේ IP ගැන වත් නොසිතා පිස්සුවක් නැටීම පමණි.
      මීට පෙරද ඔහු හිරු gossip සිතේ එක copy කර තමාගේ ලෙස script විකිණීමට උත්සහ දැරීම බව ඔහුගේ fb account wall එක තුල ඉහල පහල යන විට අවබෝධ විය...ඔහුට දක්ෂකමක් තිබුනෑ නම් එය අගය කොට ඔහු යහ මගට ගත යුතු බව මගේ අදහස වුවත් ඔහුගේ තාක්‍ෂණික ඥානයේ තරම වැටහුණු නිසා එයද නිෂ්පල යයි සිතමි.
      VIsit http://gossip.bonikki.com/ මේ ඔහු විකිණීමට උත්සහ කරන හිරු gossip duplicate site එකයි.අනික නම් ඔහුගේ මට්ටමින් මා ගැන නොසිතන්න.ඔබ සිතන මෙන් මා ඩ ඔහු මෙන් පොඩි එකෙකු නොවන බව තේරුම් ගන්න..මගේ අනන්‍යතාව හෙලිකිරීම අවශ්‍ය නොවූවත් එය අවශ්‍ය නම් ඔබට සොයා ගත හැකි බවද දනිමි.එහෙත් මා ද ඔහුගේ කුලකයට එක් කර කතා කිරීම කළ නොයුතු බව සිතමි.එය ඔබට බාරයි.නමුත් මාගේ මූලික අදහස ලංකාව තුල පරිගණක ක්ෂේස්ත්රයේ දක්ෂයින් තව තවත් බිහිවිය යුතු බවයි.ලෝකයේ තොරතුරු තාක්‍ෂණ ක්ෂේස්ත්රයේ හෝ ශ්‍රී ලංකාවේ නම ප්‍රචලිත වේවායි පතමි....

      මෙසේ අදහස් දක්වූ මා පෞද්ගලික පාසලක

      Delete
    2. මෙසේ අදහස් දක්වූ මා පෞද්ගලික පාසලක තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක්මි.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මම හැක් කරන්ට දන්නැ.කියල දිපියවු

    ReplyDelete
  6. Fb hack krnna dnne kwd.uddwk

    ReplyDelete
  7. මට කැනඩාවේ හැකර් කෙනෙක් අවශ්‍යයි, එය මගේ සැමියාට ඔත්තු බැලීමට උදව් වනු ඇත.

    ReplyDelete
  8. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6ක් ගත වූ අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා ඇත්තටම මාව රවටා දික්කසාද වීමට උත්සාහ කරමින් සිටි නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ මගේ නඩුවට ඔහු මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද, දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +2349037545183  ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් ගෙන දේ. සහ පරිපූර්ණ වේ
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete